Press "Enter" to skip to content

ණයක් ගන්න බලාගෙන ඉන්න අයට සුබ ආරංචියක්.!

තුන්වැනි අදියර වනතුරුම ණය ගෙවීම් පැහැර හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දුන් මූලික ගැටලු සඳහා මේ වනවිට විසඳුම් ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කරයි.

වත්මන් බැංකු නීතිය යටතේ තුන්වන අදියර දක්වා ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසුවද සලකනු ලබන්නේ තුන්වෙනි අදියරේ ණය පැහැර හැර ඇති පුද්ගලයෙකු ලෙසට බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සදහන් කරයි.

එනිසා අදාළ පුද්ගලයාට නව ණය මුදලක් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව නොලැබෙන අතර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයේ සහ කර්මාන්ත අමාත්‍යංශයේ නිර්දේශ මත ණය පැහැර හැර ඇති පුද්ගලයින්ට නව විසඳුමට අනුව තවත් ණය මුදල් සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

නව විසඳුම සමග මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙන්කර තිබූ රුපියල් බිලියන 5ක මුදල් ප්‍රමාණයක් ගැටලුළුවකින් තොරව බෙදාදීමට හැකියාව ලැබෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සදහන් කරයි.

ජාතික ආර්ථිකයට ඵලදායි වන ආකාරයට ප්‍රමුඛතා ලයිස්තුවක් සකස් කර ඉදිරි මාස නවය ඇතුළත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අයවැයෙන් වෙන් කරන ලද ණය මුදල් බෙදාදීම සිදු කරන බව නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා සදහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *