Press "Enter" to skip to content

සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන තිරසර කසළ කළමනාකරණ ක්‍රමවේද වෙත අනුගත විය යුතු බවට රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

ඒ සඳහා අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත අමාත්‍යංශ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව වාර්තා වනවා.

සියලුම රාජ්‍ය ආයතන “ත්‍රී – ආර් සංකල්පයට” අනුගත වීම සඳහා එම චක්‍රලේඛය මගින් දැනුම් දී තිබෙනවා.

බොහෝ රාජ්‍ය ආයතන නාගරික ප්‍රදේශ කේන්ද්‍රගතව පිහිටා ඇති අතර එම ආයතන වෙත දෛනිකව පැමිණෙන විශාල ප්‍රමාණයක් හෝ රාජ්‍ය සේවකයින් හරහා නිර්මාණය වන අපද්‍රව්‍ය පාලනය සඳහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අනුව රාජකාරී කටයුතුවලදී හැකිතාක් දුරට කඩදාසි භාවිතය අවම කිරීම, තනි භාවිත ප්ලාස්ටික් භාවිතය අධෛර්යමත් කිරීම සහ පරිසර හිතකාමී විකල්ප භාවිතය මගින් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සිදුකළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පෙන්වා දෙනවා.

අපද්‍රව්‍ය නිසි පරිදි එක්රැස්කිරීම සහ බැහැරකිරීම පිළිබඳව සහ අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රියාමාර්ග අධීක්ෂණය කිරීම පිළිබඳව ද අදාළ චක්‍රලේඛය මගින් දැනුවත් කර තිබෙනවා.

මෙම චක්‍රලේඛය බලාත්මක දින සිට මාස 6ක කාලසීමාවක් ඇතුළත ස්වකීය ආයතන සදහා විධිමත් කසල කළමනාකරණ සැලැස්මක් සංවර්ධනය කර ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *