Press "Enter" to skip to content

ඉන්දියාව සමග ගැසූ කවුරුත් නොදන්න ගිවිසුම් පුබුදු හෙලි කරයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මෙරටට පැමිණ ජනාධිපති අනුර දිසානායක මහතාගේ කලිසම ඔලුවෙන් ගලවා දැමූ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගුණ මහතා පවසන්නේ අප්‍රේල් විරුවන්ගේ සමරුව යෙදී ඇති අප්‍රේල් පස්වෙනිදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණ ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට ඔච්චම් කර ඇති බවයි.

අඩුම තරමේ එම දිනය වෙනස් කර ගැනීමට හෝ කොන්දක් ආණ්ඩුවේ කිසිවකට තිබූ නැති බවද හෙතෙම කියා සිටියේය.

ඉන්දියාව සමග අත්සන් කිරීමට යෙදුණු කිසිදු ගිවිසුමක් මේ වන විට රටේ කිසිවකු නොදන්නා බවද පැවසූ ඔහු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් ගිවිසුම් ඉදිරිපත් කර නැති බවත් අත් ගිවිසුම අත්සන් කිරීමට අනුමැතිය පමණක් ලබා ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙවන් ගිවිසුම් අත්සන් කිරීමේදී පාර්ලිමේන්තුවට, රටේ ජනතාවට කිසිදු දැනුවත් කිරීමක් කර නැති බවටත් ඔහු කොළඹ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

අදාල ගිවිසුම්වල අඩංගුව නිලධාරි මට්ටමින් සොයාගත් බවත් පැවසූ ඔහු ඒවා වැරදිනම් ගිවිසුම ඉදිරිපත් කරන්නැයි ආණ්ඩුවට අභියෝග කරන බවත් හෙතෙම පැවසුවේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *