Press "Enter" to skip to content

රට දියුණු කරන්න ආණ්ඩු මාරු කරලා විතරක් කරන්න බෑ

රට දියුණු තැනකට ගන්න එක ආණ්ඩු මාරු කරලා විතරක් කරන්න බෑ’ යයි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස් පල කලාය.

‘අපි රටක් හැටියට පරිවර්තනය මොහොතක ඉන්නේ. මේ රට අපිට සාධනීය මාවත දැන් ඉන්න තැනට වඩා ශිෂ්ඨ සම්පන්න රටක් බවට පත් කරන්න හැම අතින්ම ආර්ථිකව සමාජයව සංස්කෘතිකව මීට වඩා ශිෂ්ඨ සම්පන්න දියුණු තැනකට ගන්න පුළුවන් අවස්ථාවක අපි ඉන්නෙ. ඒ අවස්ථාව ලබාගන්න පුළුවන් වෙන්නේ හුදෙක් ආණ්ඩු මාරුවක් විතරක් කරල නෙවෙයි. උඩ ඉන්න කාක් කියලා වෙනස් කරලා පමණක් නෙවෙයි.

මේක ඇත්ත වශයෙන්ම අපි සියලු දෙනාම එකතු වෙලා කරන්න ඕන දෙයක්. සියලු දෙනාගේම සහභාගිත්වය සියලු දෙනාගේම මැදිහත්වීමෙන් කරගන්න පුළුවන් වෙනවා

ඒ වෙනස තුළ අපි දකිනවා මේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය කියන්නේම මේ සියලු දෙනා මේ රටේ පුරවැසියන් හැටියට ඔබ සියලු දෙනත් මේ පරිවර්තනයට අපි හවුල් කරගන්නේ කොහොමද. එතකොට ඒ හවුල් කර ගන්නවා නම් රට යන්න ඕන දිශාව මොකක්ද ඒ දිශානතිය තුළ තමයි අපි මේ සංකල්ප තුනක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

එකක් අපේ සමාජයේ වගකීම දැනගන්න එක දෙවෙනි එක අපි කියලා තියෙනවා පරිසරය ගැන හිතෙන ඒක තුන්වෙනි කුළුණ තමා එතික්ස් කියන එක කරන දේ පිළිබඳ හරි වැරදි ගැන හිතන්න පුළුවන් සමාජයක් අපි බිහි කරන්න ඕනේ’

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *