Press "Enter" to skip to content

ඉන්දියාව දැන් වෙනස් වෙලා.. අපි දැන් යාළුයි

වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාවට රට පාවා දුන්නේ යයි පවසන ඕනෑම කෙනෙකුට එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවට ගොස දෙරටටම වාසිදායක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවත් එහිදී කළ ආරාධනයකට අනුව ඉන්දීය අගමැති මෙරටට පැමිණ තවත් එවැනිම දෙරටටම වාසිදායක ගිවිසුම් කිහිපයකට අත්සන් තැබූ බවත් ඒ මහතා පැවසුවේය.

‘ඉන්දියාවට ශ්‍රී ලංකාව දෙන්න හිටියේ නිකන් හෝල්සේල්. වෙනස් කළේ අපි’ යයයි ඒ මහතා කියා සිටී.

අතීතයේදී ජනතා විමුක්ති පෙරමුණ ඉන්දියාවට එරෙහිව සටන් කලත් දැන් ඉන්දියාව වෙනස් වී ඇති බැවින් තවමත් තරහින් සිටිය යුතු නැති බව කියා සිටි ඒ මහතා ‘ප්‍රශ්නයක් ආවා. අපි සටන් කළා. දැන් ඒක ඉවරයි. දැන් අපි මිත්‍රකමින් ඉන්න ඕනේ. එකනේ දේශපාලනය කියන්නේ’ යයිද පැවසුවේය.

ජාතික ජන බලවේග මැතිවරන ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *