Press "Enter" to skip to content

ට්‍රම්ප් බද්ද නිසා අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන ඇඟළුම් සේවකයන්ට රස්සාව නැති වෙන්න පුළුවන්

අප රටේ අපනයන විශාල ප්‍රමාණයක් යොමුවන ඇමෙරිකා එක්සත් ජනපදය ඒ මත 44%ක ප්‍රතිචාරාත්මක බද්දක් පැනවීම නිසා අපේ නිෂ්පාදනවල තරගකාරීත්වය නැති වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අප රටේ ඇඟලුම් අපනයනවලින් 40%ක් ඇමෙරිකාවට යවන බවත් මේ ගැන රජය දැනුවත් කළේ දැනට මාස කිහිපයකට පෙර සිට බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

එහතේ රජය ඒ ගැන තැකීමක් නොකර උද්දච්චකමින් ඒවා විහිළුවට ලක් කරමින් සිටියත් අද වන විට මෙම බදු පැනවීම අප්‍රේල් 9 වැනි දා සිට ක්‍රියාත්මක කරන බවත් හෙතෙම පෙන්වා දෙයි.

අලුත් අවුරුදු නිවාඩුවට ගෙදර යන ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන්ට අලුත් අවුරුදු නිවාඩුව අවසන් වන විට රැකියාවේ අවිනිශ්චිතභාවයක් මතුවිය හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.

මේ නිසා කර්මාන්තශාලා කඩා වැටී රැකී රක්ෂා අහිමි වී ආර්ථික වර්ධන වේගය පහළ ගොස් සමස්ත ජනතාවටම බරපතල හානියක් සිදුවන බවත් මෙය 2028 ණය ගෙවීමට ද විශාල බාධාවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ නාත්තන්ඩිය ආසනයේ පැවැති මැතිවරණ ප්‍රචාරක ජනහමුවක් අමතමිනි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *