Press "Enter" to skip to content

වෙළෙඳ යුද්ධයත් සමග බොරතෙල් බැරලයක මිල සිඝ්‍රයෙන් පහළට

2021 වසරට පසු වසර 04කින් බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග අමෙරිකාව සහ චීනය අතර වෙළෙඳ යුද්ධය උත්සන්න වීමත් සමගය.

ඒ අනුව බොරතෙල් බැරලයක මිල 6.68% කින් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 55.60 දක්වා පහත වැටි ඇති බවය.

එක් අවස්ථාවක දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 58.84 දක්වා පහත වැටි ඇති අතර එය 6.34% ක පහත වැටීමක් බවද සඳහන් වේ.

ලෝකය කොවිඩ් වසංගතයට මුහුණ දුන් 2021 වසරේ පෙබරවාරි මාසයේ සිට බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 60 ට වඩා පහත වැටුණු පළමු අවස්ථාව මෙය බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ පසුගිය සතියේ එක්සත් ජනපදය විසින් නව තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසු අඛණ්ඩව පස්වන දිනටත් තෙල් මිල තියුණු ලෙස පහත වැටී ඇති බවය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රතිපත්තියට පළිගැනීමක් ලෙස චීනය ද එක්සත් ජනපද භාණ්ඩ සඳහා අතිරේක තීරුබදු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙලෙස අද දිනයේ (09) බොරතෙල් මිල 7% කින් පමණ පහත වැටී ඇත.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් චීන ආනයන සඳහා පැනවූ 104% ක බදු අද (09) සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

ඊට පළි ගැනීමක් වශයෙන් චීන මුදල් මුදල් අමාත්‍යාංශය, අමෙරිකා එක්සත් ජනපදයෙන් ආනයනය කරන ලද භාණ්ඩ සඳහා 84% ක තීරුබද්දක් පැනවීමට ද කටයුතු කර ඇත.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *