Press "Enter" to skip to content

විභාග ක්‍රමය ඉවතට.. නව අධ්‍යාපන ක්‍රමයක් එනවා

2026 වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමය යටතේ මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් වනු ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් ඇය පැවසීය.

ඇය මේ බව පැවසුවේ වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම්හි පැවති ජාතික ජන බලවේග ජන හමුවක් අමතමිනි.

පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය විභාග ක්‍රමවේදය පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් ඇය පවසන්නීය.

ඉතිහාසයේ අධ්‍යාපනය වෙනුවෙන් මෙවර අයවැයෙන් වෙන්කරන ලද විශාලතම මුදල වෙන් කර ඇති බවත් ඇය තව දුරටත් එහිදී තව දුරටත් පැවසුවාය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *