Press "Enter" to skip to content

බේරේ වැවෙන් නාලා දත් නැතිව ගෙදර ගියේ ගෝඨාට හූ කියන්න ගිය පොහොට්ටුකාරයෝ

2022 වසරේ ගාලු මුවදොර අරගල ස‍මයේ පොහොට්ටු ආධාරකරුවන් අරලියගහ මැදුරට ගෙන්වූයේ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හූ කීමට බව හිටපු අමාත්‍ය, සර්වජන බලය ජාතික සංවිධායක දිළුම් අමුණුගම පවසයි.

“ගිය පාර අපි 2/3ක බලයක් පොහොට්ටුවට දීලා එක් ෆේල් වෙලා අපේ එවුන් ගුටි කෑවා. හොඳ වෙලාවට මම නුවර එවුන් කොළඹ යැව්වේ නෑ. නැත්නම් දත් නැති එවුන් නුවරත් ඉන්නවා.

අපට සෙන අරන් එන්න කිව්වා අරලියගහ මන්දිරේට. රැස්වීම ඉවර වෙලා යන්න කිව්වේ අරලියගහ මන්දිරේට. ගිහිල්ලා කෑ ගහන්න කීවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. මම කිව්වා කැබිනට් ඇමති කෙනෙක් විදිහට මගේ රාජ්‍ය නායකයාට හූ කියන්න නුවරින් සෙනග නොයවන බව. හැබැයි මම හිතුවේ නෑ ගුටි කන්න වෙයි කියලා. එදා මම ගත් තීන්දුව නිසා නුවර කවුරුවත් බේරේ වැවට වැටුණේ නෑ එදා. දැන් නැවත ඒ රජය පත් කරලා අයේ අපට බේරේ වැවේ නාන්න උවමනාවක් නෑ.”

තෙල්දෙණියේ පැවැති සර්වජන බලය පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැලියක් අමතමින් දිළුම් අමුණුගම මේ බව කීය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *