Press "Enter" to skip to content

සබරගමු සරසවියේ චරිත්ගේ මරණයට අත්අඩංගුවට ගත් සිසුන් හතරදෙනා අද උසාවියට

සබරගමුව විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ සිසුන් සිව්දෙනකු සැක පිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

නවකවධ සිද්ධියක් හේතුවෙන් මෑතකදී සිදු වූ සිසුවෙකුගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

මෙම සිදුවීමට අදාළ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබේ. එසේම මෙම සැකකාර සිසුන් සිව්දෙනා අද(05) බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර නවක වද පනත යටතේ අදාළ සිසුන් අත්අඩංගුවට ගෙන ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ, පුස්සැල්ලාව ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ශාන් සියදිවි නසාගෙන තිබුණේ පසුගිය 29 වැනිදාය.

සිසුවාගේ මරණය සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනයත් සමඟ පසුගිය 02 වැනිදා සමනලවැව පොලිස් ස්ථානයට පැමිණි සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුන් 20 දෙනෙක් මියගිය සිසුවාට නවක වදය දෙන අයුරු තමන් ඇසින් දුටු බව මෙන්ම නවක වදය දුන් සිසුන් සම්බන්ධයෙන් යම් හෙළිදරව්වක් කර තිබේ. ඒ අනුව එම සිසුන්ගේ ප්‍රකාශ ද පොලීසිය සටහන් කරගෙන ඇත. මෙම සිසුවා සියදිවි හානිකර ගැනීමට පෙර ලියූ ලිපියක් ද පොලිස් භාරයට ගෙන තිබේ. ඔහු දැඩි මානසික පීඩනයකින් කාලයක්ම පීඩා විඳ ඇති බව එම ලිපියෙන් තහවුරු වන බව පොලීසිය සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *