Press "Enter" to skip to content

මාළිමාව බලයෙන් නෙරපාහැරීමට සජබ එක්ක සාකච්ඡාවකට එජාපය සූදානම්

පළාත් පාලන ඡන්ද විමසීමේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතනවල ඒකාබද්ධ පාලනයක් පිහිටුවීම සඳහා විපක්ෂයේ අනෙකුත් පක්ෂ සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු ආකාරය සහ ඒ පිළිබඳ තීරණය කිරීම සඳහා සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය කැමැත්තෙන් සිටින බව එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇ‍ය පවසා සිටියේ, ඒ සඳහා සමගි ජන බලවේගය සහ අනෙකුත් පක්ෂ සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි.

ජාතික ජන බලවේගය දිගින් දිගටම ජනතාව රවටා ඇති බැවින් සිය පක්ෂයේ අභිප්‍රාය වන්නේ ඔවුන් බලයෙන් නෙරපාහැරීම බව ද ඇය පැවසුවාය.

එමෙන්ම සමගි ජනබලවේගය සමඟ කටයුතු කිරීමට සැමවිටම සූදානම්ව සිටි ඇය සහ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධනත් එම පක්ෂය සමග මීට පෙර ද සාකච්ඡා කළ බැවින් එම සාකච්ඡා යළි ආරම්භ කළ හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *