Press "Enter" to skip to content

දුර ගමන් බස් මග පොලිසිය රට පුරා තත්ව පරීක්‍ෂාවල

දුරගමන් සේවා බස් රථ සේවාවන් මහා මාර්ගයේ ධාවනය වීමේදී රිය අනතුරට ලක් වීමේ අවස්ථා දිනෙන් දින ඉහල ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇත.

එබැවින් විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී දුරගමන් බස් රථ විශේෂ පරීක්ෂාවට ලක් කර බීමත්ව රිය ධාවනය, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරීක්ෂාකරි හා අන්තරාදායක ලෙස රිය ධාවනය යන රථවාහන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන් වෙත වැඩබලන පොලිස්පතිතුමා විසින් උපදෙස් නිකුත් කර ඇත.

මේ අනුව, පොලිස් කොට්ඨාස වලට අයත් තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරීන් කණ්ඩායම් යොදවා මහා මාර්ගයේ ධාවනය වන වාහන සහ විශේෂයෙන්ම දුරගමන් සේවා බස් රථ නිරන්තරයෙන්ම විශේෂ පරීක්ෂාවට ලක් කිරීමටත් දන්වා ඇත.

තවද යතුරු පැදි සංචාර ඒකක වල නිලධාරීන් මගින් මහා මාර්ගයේ යතුරුපැදි ධාවනය කරමින් ඉහත පරිදි බස් රථ පරීක්ෂාවට ලක් කර නීතිය ක්‍රියාත්මක කිරීමට වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *