Press "Enter" to skip to content

විපක්ෂේ අය එකතු වෙලා පුංචි ආණ්ඩු හදන වැඩේට අපි නෑ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමග පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධව කිසිදු එකඟතාවකට තමන් නොපැමිණි බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ බව ප්‍රකාශ කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක වජිර අබේවර්ධන නිකුත් කළ නිවේදනයකට ප්‍රතිචාර දක්වමිනි.

එම නිවේදනයෙහි සඳහන් වන්නේ ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂවල නායකයන් 14 වනදා එකඟතාවකට පැමිණි බවයි.

මෙම එකකතාව ඇති වූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේ පැවැති රැස්වීමකදීය.

මෙම හමුවට හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන, සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා,දුමින්ද දිසානායක,
පොදු ජන එක්සත් පෙරමුණු නියෝජනය කරමින් අනුර ප්‍රියදර්ශන යාපා,කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි තිගාම්බරන්,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්,පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් ජීවන් තොණ්ඩමන්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් අසංක නවරත්න, සුගීෂ්වර බණ්ඩාර, වීර කුමාර දිසානායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී. දොළවත්ත, නිමල් ලංසා, මොහොමඩ් මුසම්මිල්, වජිර අබේවර්ධන, තලතා අතුකෝරළ,සාගල රත්නායක, හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහභාගි වූහ.

“සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා මෙම හමුව සඳහා දුරකථනය ඔස්සේ සම්බන්ධ විය.” යනුවෙන් ද එම නිවේදනයෙහි දැක්වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *