Press "Enter" to skip to content

159ට ආරක්ෂාවක් ඕන ආණ්ඩුව පාතාළෙට ගහනවා නම්- නොදැක්කා වගේ ඉන්න ආරක්ෂාවක් ඕන නෑ…!

ආණ්ඩුවට මන්ත්‍රීවරුන් 159 දෙනෙකු හිටිය ද ඒ කිසිවෙකු පාතාළයට විරුද්ධව කට නො අරින බවත් කට ඇරියොත් පාතාළයෙන් වෙඩි කෑමට සිදුවන බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දඹර අමිලි හිමි පවසයි.

“ආණ්ඩුවම එද්දීම කිව්වා සාමාන්‍ය ජනතාවට නැති කිසිම දෙයක් අපේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට නැත කියලා. පොලිස් ආරක්ෂාව ආයුධ දෙන්නේ නෑ කිව්වා. එහෙම බෑ. නිරපේක්ෂව එහෙම පොදු නිගමනයකට එන්න බෑ. ආණ්ඩුවේ මැති ඇමතිවරු 159ක් ඉන්නවා. ඒ කවුරුවත් කංජිපානි හරි හරක් කටා හරි කියලා පාතළෙට විරුද්ධව කතා කරනවාද? කතා කළොත් ෂොට් එක හම්බ වෙනවා. දවසේ වෙඩිල්ල ෆුඩ් සිටියේ දී පත්තු වෙනවා එහෙනම්. ඒවා මෝඩ වැඩ. මේගොල්ලෝ පාතාළේ නොදැක්කා වගේ ඉන්නවා.

රාජ්‍ය කරන අය ආරක්ෂාව ගන්න ඕන. ඒකට යන වියදම ගැන හිතන්න හොඳ නෑ. ජෙනරාල් ෆොන්සේකාට හමුදා මූලස්ථානයටම ඇවිල්ල ගැහුවා. ඉතින් හරියට වැඩක් කරනවා නම් ආරක්ෂාව ඕන. පාතාළේ එක්ක හැපෙනවා නම් ආරක්ෂාව ඕන. පාතාළේ එක්ක ඩීල් තියෙන නිසා පාතාළේට විරුද්ධව වචනයක් කියන්නේ නෑ.ආරක්ෂාව නැතිව පාතාළේට විරුද්ධව වැඩ කරන්න බෑ. පාතාළෙන් මැති ඇමතිලාට හානියක් නැත්තේ ඩීල් නිසා. ආණ්ඩුව කවදා හරි මැති ඇමතිලාට ආරක්ෂාව ලබා දුන්නොත් ඒ කියන්නේ පාතාළේ එක්ක ඇත්ත සටන පටන් අරන්.”

දඹර අමිලි හිමියන් මේ බව ප්‍රකාශ කළේ, අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකට එකතු වෙමිනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *