Press "Enter" to skip to content

ජපානයේ ළමා ලෝක සාම සමුළුවේදී ලාංකික සිසුවියක් පළමු ත්‍යාගය දිනාගනී

තෝකියෝ හි පැවති 04 වැනි ළමා ලෝක සාම සමුළුව සඳහා ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ආර්. එස්. කස්මිරා ජයවීර දියණිය එහි පළමු ත්‍යාගය දිනාගැනීමෙන් අනතුරුව අද දින ජපානයේ ප්‍රථම විහාරස්ථානය වන සවරා ලංකාජී විහාරස්ථානයේදී විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේ සහ විහාරවාසි භික්ෂූන් වහන්සේලා බැහැදැක ආශීර්වාද ලබාගැනීමට ගොස් ඇත.

හිරෝෂිමාව පදනම් කරගත් ලෝක සාමය සාක්ෂාත් කර ගැනීමේ ව්‍යාපෘතිය විසින් මෙම තරඟාවලිය සංවිධානය කර ඇති අතර එහිදී සාමය ගොඩනැගීම පිළිබඳ චතුර ලෙස කතාවක් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඇයට මෙම “වඩාත්ම සාමකාමී ත්‍යාගය” දිනාගත හැකිව තිබේ.

මෙවර ළමා ලෝක සාම සමුළුවේදී රටවල් 20කින් සාමය ඇති කිරීම සඳහා අදහස් 200කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී දේශන පැවැත්වීම සඳහා ඔවුන් අතරින් ළමා නියෝජිතයින් 12 දෙනෙකු තෝරා ගන්නා ලදී.

ලෝක සාමය ඇති කිරීම සඳහා අදහස් ඉදිරිපත් කළ ලොව පුරා තරුණ නියෝජිතයින් 12 දෙනා අතරට ශ්‍රී ලංකාවෙන් තේරී පත් වූයේ වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයේ කස්මිරා ජයවීරයි.

2020 වසරේ සිට වාර්ෂිකව පවත්වනු ලබන මෙම ළමා ලෝක සාම සමුළුවේ අරමුණ වන්නේ ලෝක සාමය ඇති කිරීමට සහ දරුවන්ට සාමයෙන් ජීවත් විය හැකි ලෝකයක් ගොඩනැගීමට දායක වන අනාගත නායකයන් ලෙස දරුවන් බිහිකිරීමයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *