Press "Enter" to skip to content

උතුරු මැද වාහන වෙන්දේසිය ගැන මා කී තොරතුරු වැරදියි

උතුරු-මැද පළාත් සභාවේ සුඛෝපභෝගී වාහන කිහිපයක් ඇතුළු වාහන 12ක් ඉතා අඩු මුදලකට විකුණා දමා ඇති බවට තමන් මීට පෙර සිදුකළ ප්‍රකාශය තමන්ට ලැබුණු වැරදි තොරතුරු මත සිදුකළ එකක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසයි.

“මීට දින කිහිපයකට කලින් මා විසින් පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී උතුරු-මැද පළාත් සභාව වෙන්දේසි කළ වාහන සම්බන්ධව, එහි ගණන් හිලව් සම්බන්ධව යම් වැරදි අදහසක් මාධ්‍ය වෙත ඉදිරිපත් කරලා තිබුණා. ඒ තොරතුරු මම ලබාගත්තෙ ඇත්තටම පුවත්පත් කිහිපයක සඳහන් වෙලා තිබුණු නිසාත් උතුරු-මැද පළාත් යම් යම් පිරිස් ගණනාවක් මට කතා කරලා විවිධ තොරතුරු ලබාදීම නිසාත්.

ඒ අනුව තමයි ඇත්ත වශයෙන් මේ මාධ්‍ය හමුවේදී අපි ඒ ක්‍රියාදාමය ඉදිරිපත් කළේ. උතුරු-මැද පළාතේ ආණ්ඩුකාරතුමා මේ පිළිබඳව පවතින ඇත්ත තත්වය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළා. ඒ කරුණු අධ්‍යනය කිරීමෙන් පස්සේ මම තේරුම් ගත්තා අපට ලබාදීලා තිබුණු තොරතුරු යම් වැරදි ස්වභාවයක් තියෙනවා කියලා. ඒ නිසා සමාජයට වගකියන ජනතාවට වගකියන දේශපාලනඥයෙක් විදියට – සමහර වෙලාවට අපට වැරදි තොරතුරු ගලා එන්න පුළුවන්.

මේවා අපි දෙවරක් තුන්වරක් සලකා බලමින් කටයුතු කරනවා වගේම සමහර වෙලාවට ඒ වැරදි තොරතුරු සමාජගත වෙන්නත් පුළුවන්. – මේ අවස්ථාවේදී මම මාධ්‍ය සියලු දෙනාගෙන්මත් ඉල්ලනවා මගේ ඒ තොරතුරු ඉදිරිපත් කිරීම පිළිබඳ නිවැරදි කිරීම අපි ඉදිරිපත් කරමු. වගකීමක් සහිත දේශපාලනඥයෙක් විදියට උතුරු-මැද පළාතේ ඒ නිලධාරීන්ට සහ ආණ්ඩුකාරතුමා ඇතුළු සියලු දෙනාට මගේ කණගාටුව ප්‍රකාශ කරනවා.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *