Press "Enter" to skip to content

රජයේ අපේක්ෂිත ආදායම උපයා ගත හැකි බව මට විශ්වාසයි!

රජය විසින් මෙම වසර සඳහා වාහන ආනයනයෙන් අපේක්ෂා කළ රුපියල් බිලියන 450ක ආදායම වසර අවසානය වනවිට ළඟා කරගත හැකි වනු ඇතැයි මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී ප්‍රකාශ කළේය.

ඔවුන් සඳහන් කළේ වසරේ ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136ක ආදායමක් ලබාගෙන ඇති බවය.

එහිදී කමිටු සභාපති හර්ෂද සිල්වා මහතා සඳහා අදහස් දක්වමින් පවසා සිටියේ,

“වාහන සඳහා වූ ඔබේ ඉලක්කය සපුරා ගත හැකි බවට මට විශ්වාසයි, අවංකවම රේගුවෙන් එම ක්‍රියාදාමය හොඳින් කරනා බව පැහැදිලියි, සෑහෙන කලකට පසුවයි අපි ඉලක්ක ළඟා කරගනිමින් ඒවා පසු කර යන්නේ”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *