Press "Enter" to skip to content

අලුත් ප්ලේන් එකේ වයිපරේ වැඩ නෑ..- නලින් බණ්ඩාර

ශ‍්‍රී ලංකාව ගෙන්වූ නව එයාබස් යානයේ වයිපරයේ දෝෂයක් ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.

අද පාර්ලිමේන්තුවේදී ඔහු පැවසුවේ එහි වයිපර් ක්‍රියාත්මක නොවන බව සාම්ප්‍රදායික ජල සත්කාර අවස්ථාවේදී දැකගත හැකි වූ බවයි.

එය ශ්‍රී ලංකන් ගුවන් සේවයට වඩා පහළ මට්ටමේ ගරුඩා ගුවන් සේවයට වසර 14ක් බදු දුන් එයා බස් යානයක් බවත් කී ඔහු එය රජය රටට ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කළත් පැවසීය.

ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකන් ගුවන් සේවය තව දුරටත් ජනතාවට බරක් කිරීමට යනවාදැයි ඔහු විමසීය.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *