Press "Enter" to skip to content

අලුත් පොලිස් කමිටුවක්

මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවලට අදාළව පොලිස් නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත්කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ නියෝග පරිදි පොලිස්පති විසින් එම තීරණය ගෙන ඇත.

ඒ අනුව මත්ද්‍රව්‍ය හා පාතාල ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව පොලිස් මූලස්ථානයට හා අමාත්‍යාංශයට වාර්තා කිරීම සඳහා බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සභාපතිත්වයෙන් සහ පහත සඳහන් නිලධාරීන් ගෙන් සමන්විත කමිටුවක් මෙලෙස පත් කෙරුණි.

  • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – බස්නාහිර පළාත – ටී.එම්.ඩබ්.ඩී තෙන්නකෝන් මහතා.
  • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – උතුරු පළාත – කේ.පී.එම් ගුණරත්න මහතා
  • ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – දකුණු පළාත – එස්.සී මැදවත්ත මහතා.
  • අණදෙන නිළධාරී – විශේෂ කාර්ය බලකාය – ඩබ්.එස්.ඊ ජයසුන්දර මහතා.
  • නියෝජ්‍ය පොලිස්පති – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව – එස්.පී රණසිංහ මහතා.
  • නියෝජ්‍ය පොලිස්පති – මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය – ඔෂාන් හේවාවිතාරණ මහතා.
  • නියෝජ්‍ය පොලිස්පති – විශේෂ කාර්යාංශය – ටී.සී.ඒ. ධනපාල මහතා.
  • අධ්‍යක්ෂක – කොළඹ අපරාධ කොට්ඨාසය – එන්. සිල්වා මහතා.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *