රක්ෂිත බන්ධනාගාරගත කළ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න දුම්බර බන්ධනාගාරයේ රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. ඔහු බන්ධනාගාරගත කළ යුතු වන්නේ අනුරාධපුර බන්ධනාගාරයේ වුවත් ඔහුගේ ජීවිත ආරක්ෂාව ගැන සලකා දුම්බර බන්ධනාගාරයේ රඳවා තිබේ. සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා දුම්බර බන්ධනාගාරයේ කිසිදු සිරිකරුවකු නොමැති වෙනම වාට්ටුවක රඳවා ඇතැයි වාර්තා වේ. අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු අනීතිකව නිදහස් කිරීමේ සිද්ධියට අදාළව සිදු කරන විමර්ශන යටතේ එම බන්ධනාගාර අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පසුගියදා අත්අඩංගුවට ගෙන පෙරේදා (09) අනුරාධපුර අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී අධිකරණය නියෝග කළේ සැකකාර බන්ධනාගාර අධිකාරිවරයා අද (11) තෙක් බන්ධනාගාරගත කරන ලෙසයි.

අනුරපුර බන්ධනාගාර අධිකාරි දුම්බර හිරගෙදරට
More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
- පල්ලේගම විජිත හිමියන්ගේ “සත්කාරය” වාර්ෂික සිසු තිළිණ ප්රදානය 14 වන වරටත් ජනවාරි 27 දා දෙනියාය පල්ලේගම ද්විතීයික විද්‍යාලයේ දී
- ප්‍රදේශ කිහිපයකට අද හවසට වැසි
- අද උදේ 8 සිට පැය 48ක් රට පුරා රෝහල්වල සංකේත වැඩවර්ජනයක්
- මැද පන්තිය ඉක්මනින් පොහොසත් වෙලා.. නාඩු අතෑරලා කීරි සම්බාවලට මාරු වෙනවා..!
- ජාතික ඇඳුම, කළු කෝට්, සිවුර අපිට අදාළම නෑ.. ලාල් අනතුරු අඟවයි.!





Be First to Comment