ජයවර්ධනපුර රෝහල් මාවතේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරය කේන්ද්‍ර කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කළ කොළඹ පොසොන් කලාපයට පැමිණි සැදැහැවතුන්හට වන්දනාමාන කිරීම සඳහා දඹදිව සාංචි චෛත්‍ය සංකීර්ණයෙන් හමු වූ සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ පූජෝපහාර ප්‍රදර්ශනය මාදිවෙල සම්බුද්ධාලෝක විහාරයේ දී ඊයේ ආරම්භ විය.
කොළඹ මාලිගාකන්ද අග්‍රශ්‍රාවක මහා විහාරයේ වැඩ සිටින අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා ඊයේ (10) පස්වරුවේ ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති, සාංචි චේතියගිරි විහාරාධිපති,ජපානයේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අලංකාර රිය පෙරහැරකින් පොලිස් විශේෂ කාර්ය බළකායේ සුවිශේෂ ආරක්ෂාවක් සහිතව ජයවර්ධනපුර කෝට්ටේ මාදිවෙල සම්බුද්ධාලෝක විහාරයට වැඩම කරවනු ලැබූහ.
එහි දී විහාරාධිපති කොළඹ කඩවත් සතර ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජ්‍ය වැලිගල්ලේ පඤ්ඤාලෝක නා හිමියන් සහ විහාරාධිකාරි ඔක්කම්පිටියේ රාහුල හිමියන් ප්‍රමුඛ දායක සභාව සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධ කරන ලේකම් ධම්මිත දසනායක මහතා විසින් පිළිගනු ලැබූහ.
විහාරස්ථ සුවිශේෂ සුගන්ධ කුටියේ තැන්පත් කරන ලද අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලාට ප්‍රථම පුෂ්පෝ පාහාර සහ ගිලන්පස බුද්ධ පූජාව සැදැහැවතුන් විසින් තැන්පත් කරනු ලැබීමෙන් පසු බැතිමතුන්ට අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා වන්දනා මානකිරීමට අවස්ථාව සැලසින.
සාංචි චේතියගිරි විහාරවාසී පණ්ඩිත උඩුගම තපස්සි හිමියන්ගේ සහ බානගල උපතිස්ස පරිවේනාධිපති පණ්ඩිත වලල්ලාවිට නන්ද හිමියන්ගේ පූර්ණ ආරක්ෂක අධීක්ෂණය යටතේ මෙම අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේලා පූජෝපහාර ප්‍රදර්ශනය ජුනි මස 10,11සහ 12 යන තෙදින මාදිවෙල සම්බුද්ධාලෝක විහාරයේ පැවැත්වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති අරෝෂ් අතපත්තු මහතා ද එක්විය.
Be First to Comment