Press "Enter" to skip to content

සෞඛ්‍ය අංශවලින් බරපතළ අනාවරණයක්

ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය මහේෂක ජයවර්ධන මහතා විසින් චිකන්ගුන්යා සහ ඩෙංගු එකවර සෑදීමේ ප්‍රවණතාවයක්ද පවතින බවට ප්‍රකාශ කරයි.

ඔහු විසින් මේ බව සඳහන් කළේ ඊයේ දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ මෙය මාරාන්තික රෝගයක් නොවන බවයි.

එසේ වුවත් කුඩා ළමයින් සහ වයස අවුරුදු 65ට වැඩි පුද්ගලයන්ට මේ නිසා සංකූලතා ඇති වීමේ අවධානමක් පවතින බව ඔහු පවසයි.

ඒ අනුව මෙම අවස්ථාවේදී විශේෂඥ වෛද්‍යවරයා විසින් දෙමාපියන්ගෙන් ඉල්ලීමක් ද කර ඇත.

ඒ තම දරුවන්ට උණ තිබේ නම් ඔවුන් පාසල් නොයවන ලෙසයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *