වට්ස්ඇප් මගින් පාසල් දරුවන්ට ගෙදර වැඩ (Homework) ලබාදීම තහනම් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛනයක් නිකුත්කර තිබිය දී ඇතැම් පාසල් ගුරුවරු එම චක්‍රලේඛනය උල්ලංඝනය කරමින් කටයුතු කරන බවත් එහි භයානක ප්‍රතිපල මේ වනවිට පැහැදිලිව දක්නට ලැබෙමින් තිබෙන බවත් වෛද්‍ය, නීතීඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසයි.
චක්‍රලේඛන උල්ලංඝනය කරමින් කටයුතු කිරීම ගුරුවරුන්ට පහසු විය හැකි නමුත් ඉන් අත්වන ප්‍රතිපල භයානක බව ද ඒ මහතා කීය.
ජීවිත අහිමිවීම අධ්‍යාපනයේ අර්බුදයක් ද මැයෙන් ලංකා ගුරු සංගමයේ සංවිධානත්වයෙන් ජාතික පුස්තකාල හා ප්‍රලේඛන ශාලාවේ දී පැවැති සම්මන්ත්‍රණයක දී පාලිත සුබසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද පැවසුවේය. කොවිඩ් කාලයේ විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් නොව පාසල් සිසුන්ට පවා අධ්‍යාපන කටයුතු සිදු කරනු ලැබුවේ මාර්ගගත ක්‍රමයටයි. වයස අවුරුදු 12ට අඩු දරුවන්ට පවා මේ ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපනය ලබන්න සිදු වුණා. එක දිගට පැය ගණන් විද්‍යුත් තිර දෙස දෑස් යොමු කරමින් සිටීම ඉතාම අහිතකරයි. මේවා ගැන නිසි අවබෝධයක් නොමැතිව ගුරුවරු අඛණ්ඩව පැය ගණන් මෙම ක්‍රමවේදය ඔස්සේ අධ්‍යාපන කටයුතු කළා. කොවිඩ් අවදානම නිමවී පාසල් යළි ආරම්භ කළ පසුත් ඇතැම් ගුරුවරු මෙම ක්‍රමවේදය අඛණ්ඩව පවත්වාගෙන ගියා. මේක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ නිසා ඇස් පෙනීම දුර්වල වීම, සමාජානුයෝජනය නොවීම, අවේගශීලී වීම ඇතුළු ගැටලු ගණනාවකට දරුවන් පත්වන බව විද්‍යාත්මක තහවුරු කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය 2024දී චක්‍රලේඛනයක් නිකුත් කරමින් පාසල් දරුවන්ට වට්ස් ඇප් ඔස්සේ ගෙදර වැඩ ලබාදීම තහනම් කළේ මෙම සියලු කරුණු සලකා බැලීමෙන් පසුවයි. නමුත් අදටත් ඇතැම් පාසල්වල ගුරුවරු මේ චක්‍රලේඛනය පැහැදිලි ලෙසම උල්ලංඝනය කරනවා.
පාසල් සිසුවෝ මෙන්ම විශ්වවිද්‍යාල සිසුවෝ සියදිවි නසා ගැනීමේ ප්රවනතාව මේ වනවිට ඉහළ ගොස් තිබෙනවා. දරුවන් අන්තර්ජාලය භාවිත කරමින් ඩිජිටල් තිර සමඟ දවසේ වැඩි කාලයක්ගත කිරීම තත්ත්වයට එක් ප්‍රධාන හේතුවක්. අද වනවිට දෙක වසරේ සිට පහ වසර දක්වා දරුවන්ට මාර්ගගත ක්‍රම ඔස්සේ පෞද්ගලික පංති පවත්වමින් මාසිකව ලක්ෂ ගණන් මුදල් උපයන ගුරුවරු සිටිනවා. මේ අය තමන්ගේ පංති සම්බන්ධව රූපවාහිනී දැන්වීම් මගින් පවා ප්‍රචාරන කටයුතු කරනවා. මේක එක්තරා අන්දමකින් දරුවන් අපයෝජනයට ලක් කිරීමක්. ශරීරයට අහිතකර විකිරණවලට දරුවන් යොමු කිරීම බරපතළ අපරාධයක්. ළමාරක්ෂණ අධිකාරිය කතා කරන්නේ දරුවන් කායික හා මානසික වශයෙන් සිදු කරනු ලබන අපයෝජන සම්බන්ධවයි. නමුත් ගුරුවරු දරුවන්ට කරන ඩිජිටල් අපයෝජනය සම්බන්ධව සමාජයේ වැඩි කතාබහක් නැහැ. මේ සම්බන්ධයෙන් කඩිනමින් නීති හඳුන්වා දී දරුවන් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ අපයෝජනයට ලක් කරන පුද්ගලයින් නීතිය හමුවට පැමිණවිය යුතුයි.
මෙම අවස්ථාවට මහාචාර්ය අර්ජුන පරාක්‍රම, හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂ භද්‍රා විතානගේ, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
අසේල කුරුළුවංශ
Be First to Comment