Press "Enter" to skip to content

රාජ්‍ය නිලධාරීන්ට බාධා කළොත් දැඩි දඬුවම්.!

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය සඳහන් කළේ, රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

පසුගිය දිනක රාජකාරි වේලාව තුළදී පුත්තලම ප්‍රදේශයේදී වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙකුට හිටපු මන්ත්‍රිවරයකුගේ සමීපතමයකු පහරදීමට උත්සාහ කිරිමේ සිදුවීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

පුත්තලම ප්‍රදේශයේ, වන අලි අභය භූමියට පලවා හැරි වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුට අදාල මන්ත්‍රිවරයාගේ සමීපතමයා පහර දීමට උත්සහ කර ඇති අතර අනතුරුව එම නිලධාරියා සතුව තිබී අලි පලවා හැරීමට භාවිතා කරන රාජකාරි ගිනි අවිය පැහැර ගැනීමට සැකකරු උත්සහ කර ඇත.

ඒ අනුව එම සිදුවීම් පාදක කර ගනිමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් හා රාජකාරියට බාධා කිරිම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර අදාල පුද්ගලයින්ට නීතිමය පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න සඳහන් කරයි.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *