Press "Enter" to skip to content

ඊශ‍්‍රායල-ඉරාන යුද්ධයෙන් මෙරට ඉන්ධන මිල ඉහලට?

මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යමින් පවතින අතර, දේශීය වශයෙන් ඉන්ධන මිල ඉහළ යෑමක් අපේක්ෂා කරන බව කල හැකි බව වෙලදපල විශ්ලේෂකයක් කියති.

මැදපෙරදිග ගැටුම් උත්සන්න වීම තෙල් සැපයුම් දාමයට සෘජුවම බලපා ඇති අතර, එමගින් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී තිබේ.

දැනටමත් ඉහළ ගොස් ඇති ඉන්ධන මිල ගණන්, ඉදිරියේදී තවදුරටත් ඉහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසති.

ශ්‍රී ලංකාව සිය ඉන්ධන අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ආනයනය කරන රටක් වන හෙයින්, ගෝලීය වෙළෙඳපොළේ සිදුවන මිල වෙනස්වීම් දේශීය වෙළෙඳපොළට සෘජුවම බලපායි.

දැනට පවතින ඉන්ධන තොග සාපේක්ෂව අඩු මිලට ආනයනය කර ඇති නමුත්, නව තොග මිලදී ගැනීමට සිදුවන්නේ ඉහළ ගිය ලෝක මිල ගණන් යටතේ බැවින්, එහි පිරිවැය පාරිභෝගිකයා වෙත පැවරීමට සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් පොදු ප්‍රවාහන, භාණ්ඩ ප්‍රවාහන සහ අනෙකුත් කර්මාන්ත කෙරෙහි ද දැඩි බලපෑමක් එල්ල විය හැකිය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *