Press "Enter" to skip to content

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

දැනටමත් දිවයිනේ සෑම රාජ්‍ය සේවකයෙක්ගෙම වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර ඇති බව වාර්තා වෙයි. ඒ 2003 අංක 9 දරන දූෂණ විරෝධී පනත ප්‍රකාරවයි.

ඒ අනුව මෙම අලුත් ක්‍රමවේදය මත රාජ්‍ය සේවකයන් හැරුනු විට ඔවුන්ගේ කලත්‍රයාගේ සහ දරුවන්ගේ වත්කම් හා බැරකම් සම්බන්ධ තොරතුරු ද අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව සඳහන්.

එනිසා අඳාළ ප්‍රකාශය පරිදී රජයේ සේවක සේවිකාවන්ගේ දේපළ හා බැංකු ගිණුම් සම්බන්ධ තොරතුරුවලට අමතරව, ඔවුන්ගේ කලත්‍රයාගේ දේපළ සහ බැංකු ගිණුම් මෙන්ම දරුවන්ට හිමි එබදු තොරතුරු සම්බන්ධ කරුණු ද ඇතුළත් විය යුතු බව පවසයි.

එසේම රජයේ සේවකයින්ගෙන් යැපෙන සෑම පුද්ගලයෙකුගේම (වයස නොසලකා) වත්කම් හා බැරකම් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාදීම ද මෙහිදී අනිවාර්යය වේ.

ඊට අමතරව කිසියම් රාජ්‍ය සේවකයකුගෙන් යැපෙමින් හෝ ඔහුගේ නිවසෙහි එකට ජීවත් වන (බදු පදනමින් නොවන) වෙනත් තැනැත්තන්ගේ වත්කම් හා බැරකම් සම්බන්ධ තොරතුරු ද මෙම වාර්ෂික ප්‍රකාශයට ඇතුළත් කළ යුතු බවට අඳාළ බලධාරීන් විසින් වැඩිදුරටත් අවධාරණය කරන බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *