Press "Enter" to skip to content

මහේෂි අපේ නෙවෙයි.. GMOA ඇඟ බේරාගනී.!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අත්අඩංගුවට ගෙන මේවනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සිය සංගමයේ සාමාජිකාවක නොවන බවයි.

රෝගීන් වෙත වෛද්‍ය උපකරණ වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවක් මත විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අතුළු තිදෙනෙකු පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිසිය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් සිදුකරන පරීක්ෂණ සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මැදිහත්වීමට සූදානම් නොමැති බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ වැඩි දුරටත් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවැනි වැරදි ක්‍රියාවන්හි නිරත වන පුද්ගලයන් ආරක්ෂා නොකරන බව ද , මෙවැනි සිදුවීම් රාජ්‍ය සෞඛ්‍ය සේවාවට අහිතකර ලෙස බලපාන බව ද වෛද්‍ය චමිල් විජේසිංහ පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන මෙවැනි වැරදි වැළැක්වීමට ගතහැකි ක්‍රියාමාර්ග නිර්දේශ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බවද වෛද්‍ය චමිල් විජේසිංහ පැවැසුවේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *