Press "Enter" to skip to content

සිඟ­මනේ-වෙළෙ­ඳාමේ-ගෘහ සේවයේ ළම­යින් යෙද­වීම තහ­නම්

වීදි­වල සිඟ­මනේ යෙද­වීම, භාණ්ඩ අලෙ­වියේ යෙද­වීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්ත­රා­ය­කාරී රැකි­යා­වල ළම­යින් යෙද­වීම එළැ­ඹෙන ජූලි 01 වැනිදා සිට සපුරා තහ­නම් කිරී­මට රජය තීර­ණය කර තිබේ.

ඒ අනුව, වයස අවු­රුදු 16ට අඩු ළම­යින් සිඟ­මනේ යෙද­වීම, වෙළෙ­ඳාම් කට­යු­තු­වල යෙද­වීම සහ වයස අවු­රුදු 16 – 18 අතර ළම­යින් ගෘහ සේවය ඇතුළු අන­තු­රු­දා­යක රැකි­යා­වල යෙද­වීම තහ­නම් කිරී­මට හැකි වන පරිදි දැනට පව­තින නීති­මය විධි­වි­ධාන අදාළ බල­ධා­රීන් මඟින් දැඩි ලෙස ක්‍රියා­ත්මක කිරී­ම­ටත් ඒ පිළි­බඳ පුළුල් ප්‍රචා­රණ වැඩ­පි­ළි­වෙ­ළක් මඟින් මහ­ජ­න­තාව දැනු­ම්වත් කිරී­ම­ටත් සිය අමා­ත්‍යාං­ශය මඟින් ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කර ඇති වැඩ­පි­ළි­වෙළ කාන්තා සහ ළමා කට­යුතු ඇමැ­තිනි, සරෝජා පෝල්රාජ් මහ­ත්මිය ඇමැති මණ්ඩ­ලය වෙත ඉදි­රි­පත් කරන ලදුව, ඒ සඳහා ඇමැති මණ්ඩ­ලයේ එක­ඟ­තාව ලබා දීමට තීර­ණය කළ බව කැබි­නට් ප්‍රකා­ශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැව­සීය.

රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේ­න්තුවේ ඊයේ (25) පැවති කැබි­නට් තීරණ දැනු­ම්දීමේ මාධ්‍ය හමු­වේදී ඇමැ­ති­ව­රයා මේ බව සඳ­හන් කළේය.

ළමා අයි­ති­වා­සි­කම් ප්‍රඥ­ප්ති­යට අනුව වයස අවු­රුදු 18ට අඩු පුද්ග­ල­යකු, ළම­යකු වශ­යෙන් නිර්ව­ච­නය කරනු ලැබ ඇති බවත් නව­තම සංඛ්‍යා­ලේ­ඛ­න­ව­ලට අනුව, රටේ මුළු ජන­ග­හ­ණ­යෙන් 30%ක් පමණ ළමා ජන­ග­හ­න­යට අයත් වන බවත් ඇමැ­ති­ව­රයා කියා සිටි­යේය.

ඇතැම් ළම­යින් විවිධ හේතූන් මත කුමන හෝ රැකි­යා­වක් කිරී­මට පෙළඹී ඇති බව, තමාගේ මව හෝ පියා සමඟ, එසේ නොමැති නම් මිනිස් වෙළෙ­ඳාමේ ගොදු­රක් ලෙස “වීදි දරු­වකු” බවට පත් වී මවු­පි­යන් නොවන අයකු සමඟ පොදු ස්ථාන ආශ්‍රි­තව සිඟ­මනේ යෙදෙන බව සහ නොයෙක් දේ අලෙවි කරන බව හඳු­නා­ගනු ලැබ ඇති බව ඇමැති නලින්ද ජය­තිස්ස මහතා කීවේය.

නුවන් කොඩි­කාර

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *