අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ කරන අතර දෙසැම්බර් මස 05 වැනිදා දක්වා විභාගය පැවැත්වේ. ඊට අදාළ අයදුම්පත්‍ර කැඳවීම අද (26) සිට සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පැවසුවාය.
www.doenets.lk හෝ www.onlineexams.gov.lk සබැඳිය ඔස්සේ මාර්ගස්ථ ක්‍රමයට අයදුම්පත් කැඳවීම සිදු කරන අතර අද සිට ජූලි මස 21 වැනිදා දක්වා අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය.
පාසල් අයදුම්කරුවන් විදුහල්පති මඟින් ද පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකව ද නිසි උපදෙස් අනුගමනය කරමින් අයදුම් කළ යුතුය.
සන්ධ්‍යා කරුණාරත්න
Be First to Comment