Press "Enter" to skip to content

ඇත්තටම සඳමාලිට ගැහුවේ කවුද ? – සඳමාලි මාධ්‍යයටම ඇවිත් කියපු කතාව

ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ පහරදීමක් නිසා ඉකුත්දා තුවාල ලැබූ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රීනි යූ. සඳමාලි මහත්මිය විසින් මාධ්‍ය අමතා තිබෙනවා.

එහිදී ඇය විසින් පවසා සිටියේ,

” අපි හැමෝම විවෘත ඡන්දයක් ඉල්ලනකොට එම කොමසාරිස්තුමිය මේක රහස් ඡන්දෙකට යන්න ඕනේ කියල විරෝධය දැක්වුවා. ඒ නිසා මම බල කරලා ඉල්ලුවා මේක අපිට දෙන්න කියලා. ඒ නොලැබුන හේතුවත් මම එතන කතා කරපු නිසාත් තමයි අද මම මේ ඉරණමට ලක්වෙලා තියෙන්නේ. වටගල මහතා කිව්ව විදිහට මේක අයිස්ක්‍රීම් දන්සලක් නෙවෙයි.

එවලේ ඇති වුණේ සුදත් රෝහණ නැමැත්තත් ඒ එක්කම සුමේධ නැමැත්තත්, සුදත් රෝහණගේ ඥාති පුත්‍රයත් මගේ ව්‍යාපාර ස්ථානයට බීලා ඇවිත් රතිඤ්ඤා දාලා මට අහගෙන ඉන්න බැරි විදිහට වචන කිව්වා. ඒ වෙලාවෙ මේක පටිගත කරපු නිසා ඒ වීඩියෝව ඉල්ලලා තමයි මේ තුන්දෙනා මට පහර දීම සිදු කළේ. මගේ බෙල්ල හිර කරල එක්කෙනෙක් මගෙ කොණ්ඩෙන් ඇදලා මට හිතාගන්නත් බැරි විදිහට ඒගොල්ලෝ මේ සභාව ගත්තා මේ ආණ්ඩුව අතට ගත්තා කියලා තමයි පහර දුන්නේ. වීඩියෝ පට මගේ ළඟ තියෙනවා. විශේෂයෙන් කොළඹ පත් වුණ පුරපතිනිය දේශපාලනයට එන්න කළින් මගේ හිතවත් මිතුරියක්. හැබැයි අද වෙනකල් කෝල් එකක්වත් දීලා මං ගැන හොයලා බැලුවේ නෑ. ”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *