Press "Enter" to skip to content

එක වී ඇටයක් පරණ කරපු විදිහට විකුණන් නෑ

කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ වන විට වියළි වී වලට මෙන්ම තෙත වී වලටද අවම මිලක් නියම කර ඇති බව සඳහන් කළා.

ඒ අනුව නාඩු තෙත වී කිලෝ එකක රුපියල් 102 ටත්, සම්බා තෙත වී කිලෝ එකක් රුපියල් 105 ත්, කීරි සම්බා තෙත වී කිලෝ එකක් රුපියල් 112 ටත් ගොවියාට විකිණීමේ අවස්ථාව ඇති බව පවසා සිටියා.

මෙම මිලට වැඩියෙන් ගොවියන්ට වී විකිණිය හැකි බවත් මිලදී ගත හැකි බවත් ඔහු පවසා ඇත.

එහෙත් එම මිලට වඩා අඩු මුදලට විකිණීමෙන් වළකින ලෙසද ඔහු කියා සිටියා.

මෙහිදී ගොවියන් මෙන්ම පාරිභෝගීකයන්ද ආරක්ෂා කරමින් අවශ්‍ය නීතිය සහ තීන්දු තීරණ ක්‍රියාත්මක කරන බවද පවසා ඇත.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *