Press "Enter" to skip to content

හිරේ දැම්මොත් කරන දේ ගැන විමල් හෙළිකරයි

තමන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ගත කළ මාස තුනක කාලයේදී පොත් දෙකක් ලියා නිම කළ බවත්, එහිදී තමන් විසින් චිත්‍ර කිහිපයක්ද නිර්මාණය කළ බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, තවත් මාස දෙකක කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේනම් චිත්‍ර ප්‍රදර්ශනයක් කිරීමටද සූදානම්ව සිටි බවයි.

සිරගත කළානම් තමන් එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නා බවත් එම ලැබෙන කාලය නිකරුණේ ගෙවා දමන්නේ නැති බවත් ඔහු එහිදී සඳහන් කළා.

කෙසේවෙතත් තමන් නිවාස අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුවූ යම් සිදුවීමක් සම්බන්ධයෙන් පරීක්ෂණයකට පැමිණෙන ලෙසට ලිපියක් තමන්ට ලැබී ඇති බවත් විමල් වීරවංශ මහතා පවසනවා.

එම දිනයට ඔහුට වෙනත් නඩු විභාගයකට සහභාගි විය යුතුව තිබුණු හෙයින් එම පරීක්ෂණයට පැමිණිය නොහැකි බව දන්වා ලිපියක් යොමු කළ බවයි ඔහු සඳහන් කළේ.

ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා :

” මට ලියුමක් ආවා අහවල් දිනේදී එන්න කියලා පරීක්ෂණයක් ගැන සඳහන් කරලා. මම නිවාස ඇමති හැටියට ඉන්න කාලයේ මොන සිද්ධියකට ප්‍රකාශයක් ගන්න. ඊට පස්සේ එයාලා යෝජනා කරපු දිනය එදා මට නඩු විභාගයකට යන්න උසාවි යන්න තිබ්බා. මම ඒ බව දන්වලා ලිපියක් ඇරියා, ඒ නිසා මට එන්න වෙන්නේ නැහැ කියලා. හැබැයි ඒ ලිපිය ඒගොල්ලොන්ට ලැබෙන්නට පෙර මට නැවත ලිපියක් ආවා,අර දන්නපු දිනයට එන අවශ්‍යයක් නැහැ, නැවත දිනයක් දන්වා එවන්නම් කියලා.ආය දිනයක් දන්වලා එවයි. එතකොට යනවා.

මෙහෙම ගියොත් නීතිඥවරයෙක් අරගෙන යන්න වෙයි. අපිට හුරුයි. අපි යහපාලන කාලයේත්,තාමත් බී වාර්තානෙ,නඩු පවරලා නැහැනේ. මාස තුනක් හිටිය රිමාන්ඩ් බන්ධානාගාරයේ..පොත් දෙකකුත් ලිව්වා. මේ තියෙන්නේ ඒක ඇතුලෙ ඉඳන් ඇඳපු චිත්‍ර. ඇතුලේ තව මාස දෙකක් විතර හිටියනම් චිත්‍ර ප්‍රදර්ශනයක් කරන්න ලෑස්ති වෙලා හිටියේ. ඉතින් මට ඒ කාලය දුන්නොත් මම ප්‍රයෝජනයක් ගන්නවා.ඒ කාලය නිකන් ගෙවන්නේ නැහැ”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *