Press "Enter" to skip to content

හොරු අල්ලලා රට ගොඩගන්න බෑ… දැන් ආර්ථිකේ ආයෙමත් ආගාදෙට යනවා

වත්මන් ආණ්ඩුවට ආර්ථිකය සම්බන්ධයෙන් කිසිදු වැඩපිළිවෙළක් නොමැති නිසා ඉදිරියේදී යළිත් රටම විශාල ආර්ථික අර්බුදයකට ගමන් කරන බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

“ඔය තියෙන සභාවල කවුරු බලයට පත්වෙනවාද, කවුරු එහාට මෙහාට වෙනවද දාම් බෝඩ් එකේ ඉත්තෝ වගේ කියන එක වැඩක් නෑ. මේ රට බේරාගන්න පුළුවන් ආර්ථිකයෙන් විතරයි. වෙන මොනවා කළත් වැඩක් නෑ මේ රටේ. සංවර්ධනයවත්, දූෂණ විරෝධයවත් … – ඒවා කරන්න ඕනෙ දූෂණය සීමා කරන්න ඕනෙ.

නමුත් රටේ පැවැත්ම තීන්දු කරන්නෙ ආර්ථිකය. ඒ ආර්ථිකය ගොඩගන්න පුළුවන්ද කියලා දැන් ඕනෙ මිනිහෙකුට තේරෙනවානෙ මේ රජයට. ඒක පිළිබඳව ඒගොල්ලන්ට කිසිම වැඩපිළිවෙළක් නෑ. එතකොට කිසිම වැඩපිළිවෙළක් නැති නිසා මේ ආර්ථික අර්බුදය ඉතාමත්ම අමාරු තැනකට අගෝස්තු මාසය අවසන් වෙද්දී මේක ආරම්භ වෙනවා. ඊටපස්සෙ අවුරුද්ද අවසන් වෙනකොට හුඟක් තීව්‍ර වෙලා, එන අවුරුද්දේ මුල් කාර්තුව වෙනකොට ඉතාම විශාල අර්බුදයකට රටම ගමන් කරනවා.

ඒ නිසා රජයේ වගකීම තමයි මේ සම්බන්ධයෙන් සියලු දෙනාත් එක්ක සාකච්ඡා කරලා සාධාරණ වැඩපිළිවෙලකට පැමිණීම. රටක් බංකොලොත් වෙනවායි කියන එකෙන් ගොඩගන්න බෑ ලේසියෙන්. රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකහමාරකින් ගොඩගත්තු එක මේ මිනිස්සුන්ට වටිනාකමක් නැතිවුණා.”

රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ මතුගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *