Press "Enter" to skip to content

වැඩ වර්ජන උද්ඝෝෂණවලට බයේ තීන්දු නොගෙන හිටියොත් රට ආයෙමත් කඩා වැටෙනවා

ඉන්ධන මිල යම් අවස්ථාවක ක්‍රම වේදය අනුව වැඩි කළ යුතු නම් වැඩි කරන බවත් අඩු කළ යුතු නම් අඩු කරන බවත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

එසේ නොමැතිව විපක්ෂ නායක කී පළියට හෝ ජනතාව උද්ඝෝෂණ වැඩ වර්ජන කළ පළියට හෝ ජාතික වශයෙන් ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ නොගෙන නොසිටින බවයි, ඔහු අවධාරණය කළේ.

එහෙම නැති වුවහොත් මේ රට නැවතත් කඩා වැටීමට ලක්වන බව ද ඇමති ලාල් කාන්ත ප්‍රකාශ කරයි.

කඩා වැටුණු රට දැන් යම් මට්ටමක ගමන් කිරීම පිළිබඳ ජනතාව සතුටු විය යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *