ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතිය තාවකාලිකව ක්‍රියා විරහිතව පවතින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
මෙය පසුගිය ජූලි 3 වනදා සිට ඇතිවූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාව තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවද ඔවුන් පැවසීය.
අදාළ සේවාවන් ජූලි 9 වනදා දක්වා ක්‍රියා විරහිතව පවතින බවත්, මෙම ගැටලුව හඳුනාගෙන කඩිනමින් විසඳීමට කටයුතු කරමින් සිටින බවත් ICTA නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
Be First to Comment