Press "Enter" to skip to content

දේශබන්දු පොලිස්පති ඉද්දී පාතාලය අතුරුදන් වුනා

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා රාජකාරි භාරගත් පසු මෙරට පාතාල ක්‍රියාකාරකම් අතුරුදහන් වූ බව හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.

දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් පාතාලයට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කරන ලද බවත් හෙතෙම පැවසීය.

පාතාලය මර්දනය කිරීම සඳහා රජය විමර්ශන අත්අඩංගුවට ගැනීම් සහ මෙහෙයුම් තවදුරටත් වැඩි කළ යුතු බවත් හෙතෙම කියයි.

පාතාලය පාලනය නොකළහොත් මෙරට සංවර්ධන කටයුතු අඩාල වන බවත් විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට මැළි වන බවත් හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *