Press "Enter" to skip to content

තරුණ, තරුණියන්ට පොලිසියේ රැකියා! බඳවාගන්නා ප්‍රමාණය මෙන්න!

මේ වනවිට පොලිස් සේවයේ පුරප්පාඩු 28,000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ මේ වනවිට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් පවතින බවය.

ඒ අනුව පොලිස් සේවයේ පුරප්පාඩු 5,000ක් සඳහා කඩිනමින් බඳවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත් ඒ අනුව අදාළ ගැසට් නිවේදනය මේ වනවිට පළ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *