Press "Enter" to skip to content

ජනතාවට වැඩි බදු සහන.? 1500CC අඩු වාහන ගෙන්වීමට ඉල්ලයි.!

වාහන ආනයනය කිරීමේදි 1500CC අඩු ධාරිතාව යටතේ ඇති වාහන ගෙන්වීමට සහන ලබාදෙන ලෙසත් එම ධාරිතාවට වඩා ඉහළ වාහන ආනයනය කිරීමෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යන බව දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන සඳහන් කරයි.

1500CC අඩු ධාරිතාව ඇති වාහන ආනයනය සඳහා බදු සහන ලබා දෙන්නේ නම් ජනතාව සහ ව්‍යාපාර එවැනි වාහන ආනයනය කිරීමට පෙළඹෙන බවත් ඒ තුළින් විශාල ලෙස විදේශ විනිමය ප්‍රමාණයක් පිටතට ගලා යාම අවම කළ හැකි බවද දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන සඳහන් කරයි.

ඊයේ (08) දින පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් එම සංගමයේ ලෙකම් ජේ.ටී. චන්දන තවදුරටත් සඳහන් කළේ,

“රටට වාහන ගෙන්වලා තියෙනවා. විශේෂයෙන් මේ CC කැපැසිටිය ඉතා විශාල වාහන ගෙන්වනවා. මේ වාහනවලට තමයි විශාල විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙන්නේ ඒ නිසා අපිට වෘත්තීය සමිතියක් විදිහට යෝජනා කරන්න පුළුවන් CC කැපෑසිටිය 1500ට වඩා අඩු වාහන ගෙන්වන්න ඉඩ දෙනවා නම්, ඒවාට වැඩි බදු සහනයක් දෙනවා නම් ජනතාව, ව්‍යාපාර එවැනි වාහන ආනයනය කරයි.

ඒ තුළ විශාල වශයෙන් විදේශ විනිමය පිටතට යන එක නතර කරගන්න පුළුවන් වෙයි. මොකද අපි දන්නවා සමහර වාහන ගෙනල්ලා තියෙන වටිනාකම් බැලුවාම ඒවාට යන විදේශ විනිමය ප්‍රමාණය ඉතා විශාලයි. එවැනි වාහනයකින් සාමාන්‍ය 1500CC කැපෑසිටියකට අඩු වාහන 20-25ක් ගේන්න පුළුවන් ඒ එක වාහනයක් ගේන්න යන විදේශ විනිමය ප්‍රමාණයෙන්.”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *