ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නීතිඥයින්ගේ සංසදයේ පළමු වාර්ෂික තාක්ෂණික සැසිය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ පැවැත්විණි.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නීතිඥ සංසදයේ සභාපති ආචාර්ය සුනිල් අබේරත්න මහතා විසින් මෙම උත්සවය මෙහෙයවනු ලැබූ අතර නීතිඥ වෘත්තියේ නියැලෙන්නන් හට නව තාක්ෂණය ප්‍රයෝජනයට ගැනීම ඉතා වැදගත් බව ඒ මහතා කියාසිටියේය.
තවද සෑම දෙයක්ම ඩිජිටල් වේදිකා වෙත ගමන් කරමින් සිටියින බවත්, මේ පිළිබඳ වහාම සාකච්ඡාවක් ආරම්භ ලකයුතු බවත් මේ සම්බන්ධව ප්‍රගුණ කළ යුතු බවත්, මෙම තාක්ෂණික සැසි සහ අනෙකුත් වැඩමුළු නීති වූ වෘත්තියේ නියැලෙන්නන්ට විවෘත කිරීම්ට අදහස් කරන බවත් ඔහු ඔහු වැඩිදුරටත් පැවසීය.
Navigating AI සහ Digital Economy සම්බන්ධව තොරතුරු හා යෙදවුම් විශාල ප්‍රමාණයක් ඇති බැවින් ඒ පිළිබඳ දැනුවත් කිරීමක් සයිබ ආරක්ෂණ තර්ජන පර්යේෂක අතුල් හරිලාල් මහතා විසින් සිදුකෙරුණු අතර ලොව පුරා නීති වෘත්තියන් ඒ ඒ රටවල නීතිමය රාමුන්ට අනුව මේ සම්බන්ධව ක්‍රියාත්මකවන ආකාරයන් ද මෙහිදී සාකච්චා කෙරින.
වාණිජ නීති අධ්‍යයන සඳහා තොරතුරු සහ සන්නිවේදන නීති මධ්‍යස්ථානයේ මහාචාර්ය ලන්ඩනයෙන් ක්වින් මේරි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් වෝල්ඩන් මහතාද මෙම අවස්ථාවට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වුයේය.
අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති කෞශල්‍ය නවරත්න මහතා සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා ඇතුලු නීතිඥයින් පිරිසක් සහභාගි විය.
Be First to Comment