Press "Enter" to skip to content

13 – 15 අතරේ පාසල් සිසුන් 12%ක් හුදෙකලාවේ

වයස අවුරුදු දහතුනත් පහළොවත් අතර වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ගෙන් 12.3% ක පිරිසක් කාංසාමය තත්ත්වයෙන් (හුදෙකලාව සිටීම) පෙළෙන බවට ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය අවධාරණය කරයි.

මනෝවිශේෂඥ වෛද්‍යවරුන් කළ සමික්ෂණයකදී මේ බව තහවුරු වී ඇත. මෙම තත්ත්වයට හේතු වී ඇත්තේ නිතර අමතර පන්තිවලට සහභාගි කරවීම සහ ක්‍රීඩාවලට සහභාගි නොකිරීම බවට හඳුනාගෙන තිබේ. කොළඹ දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් කිහිපයක ළමයින් 1524 ක් මෙම සමීක්ෂණය සඳහා යොදාගෙන ඇත.

මෙම කාංසාමය තත්ත්වය ළමයින් සහ නව යොවුන්වියේ පසුවන්නන් අතරද බහුලව දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය සඳහන් කරයි. එම තත්ත්ව පිළිබඳ වැඩි අවධානයක් යොමු නොකළහොත් බොහෝවිට දරුවන්ට අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බව මනෝ විශේෂඥ වෛද්‍යවරු පවසති. කෙසේ වුවවද දරුවන් කාංසාමය තත්ත්වයකින් පෙළෙන බවට හඳුනාගත හොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා විශේෂඥ මනෝ වෛද්‍ය සංගමය මාපියන් සහ වැඩිහිටියන්ට දැනුම් දීමක් සිදුකරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *