Press "Enter" to skip to content

ළමයින්ට ‘‘හූ’’ කියන්න දෙන්න – දෙමාපියන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්

අවුරුදු හතරට අඩු ළමයින් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීමේ අඩුවක් දක්නට ලැබෙන බැවින් අවම වශයෙන් දරුවන්ට නිවසේ සිටිය දී “හූ” කීමටවත් අවස්ථාවක් සලසාදෙන ලෙස කොළඹ ජාතික රෝහලේ ක්‍රීඩා හා වෛද්‍ය විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ලේකඛාධිකාරි වෛද්‍ය බුද්ධික ලොකුගම්හේවා මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කර සිටිනවා.

ඔහු කියා සිටියේ, මේ වනවිට ශාරීරික ක්‍රියාකාරකම් නොකිරීම හේතුවෙන් කුඩා දරුවන්ට වැඩි වශයෙන් රුධිර පීඩනය, දියවැඩියාව මෙන්ම විවිධ ශාරීරික රෝගාබාධවලින් පෙළීමට සිදුවන බවයි.

මෙම වයස් කාණ්ඩයේ දරුවන්ට සාමාන්‍යයෙන් දෛනිකව මිනිත්තු 180 ක පමණ කාලයක් ශාරීරික ක්‍රියාකාරකම්වල නිරතවීමට අවස්ථාව ලබා දිය යුතුය. කිසිම වේලාවක දරුවාගේ නින්දට බාධා කිරීමක් නොකළ යුතු බවත් අවම වශයෙන් කුඩා දරුවන්ට දෛනිකව පැය 13 ක කාලයක් වරින්වර හෝ නින්ද යෑමට අවස්ථාව සලසා දිය යුතු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. විශේෂයෙන් මේ දිනවල ළමුන් ඩිජිටල් තිරවලට ඇබ්බැහිවීම හේතුවෙන් කුඩා දරුවන්ට නිසි නින්දක් නොමැතිවීම නිසා නොසන්සුන්කාරි හැසිරීමක් දක්නට ලැබෙන බවයි ඔහු අවධාරණය කළේ.

තවද දෛනිකව විනාඩි හැටක පමණ කාලයක් විවිධ ක්‍රියාකාරකම්වල නිරතවීමට දරුවන්ට අවස්ථාව ලබාදීමට මාපියන් වගබලා ගත යුතු බවත් මෙවැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට කුඩා කල සිටම පුරුදු කළහොත් වැඩිහිටි වියේදි ඇතිවන පෙණහලු ආශ්‍රිත රෝග සහ හෘද රෝග වළක්වා ගැනීමට හැකියාව ඇති බවත් වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *