Press "Enter" to skip to content

කොරියාවට යනවා නම් හරි පාරෙන් යන්න

සල්ලි ගෙවලා කෙටි මාර්ගවලින් කොරියාවට යන්න උත්සාහ කරලා හෝ එවැනි කෙටි මාර්ගවලින් කොරියාවට ගිහින් ඔබ කරදරවලට වැටෙන්න එපා යැයි කොරියානු මහචාර්ය Sung jin Kim මහතා පවසයි.

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ද උපාධාරියෙක් වන මහචාර්ය කිම් වසර ගණනාවක් ශ්‍රී ලංකාවේ ස්ථීර පදිංචිය ඇති අයෙකි.

ජනමාධ්‍යවේදියෙක් ද වන කිම් මහතා ශ්‍රී ලංකාවෙන් කොරියාවේ රැකියාව සඳහා සහ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට යන තරුණත් තරුණියන් සඳහා කොරියානු භාෂාව ඉගෙන ගැනීමට උදව් කිරීමට සූදානම් බව ඔහු ප්‍රකාශ කළේ පසුගියදා.(21) Journey wise Migration ආයතනය මෙහෙයවීමෙන් ජාඇල ප්‍රදේශයේ පැවති කොරියාවේ රැකියා සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යාමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ගේ හමුවීමක් අමතමිනි.

ඔබ කොරියාවේ යාමට බලාපොරොත්තු වන්නේ නම් පළමුවෙන්ම ඔබ කොරියානු භාෂාව හොඳින් ඉගෙන ගත යුතුයි. විශ්වවිද්‍යාලයට යාමට සහ රැකියාවක් සඳහා යාටම අදාල විභාග ඔබ සමත් විය යුතුයි. භාෂාව හොඳින් ඉගෙන නොගෙන ඔබ විවිධ වංචාකාරී පුද්ගලයන්ගේ කතාවලට හසු වී කෙටි මාර්ගවලින් සහ tourist හෝ Festival වීසාවලින් කොරියාවට ගොස් ඒ රටේ රැකියා කිරීමට බලාපොරොත්තු වෙන්න එපා. නමුත් කොරියාවේ විශ්ව විද්‍යාලවල අද මුළු ලෝකයම පිළිගත් උපාධි සඳහා ඔබට යන්න පුළුවන්.

ඔබට කොරියාවේ රැකියාවක් සඳහා හෝ විශ්වවිශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් ඒ සඳහා භාෂාව ඉගෙන ගැනීමට සහ අනිත් උදව් කරන්න අපි සූදානම්. ඒ සඳහා ඔබ යා යුත්තේ නීත්‍යානුකූල මාර්ගවලින් පමණක් බව මෙම අවස්ථාවට Journey wise Migration ආයතනයේ සභාපති ශවින් තරුෂි මහතා ද එක් විය.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *