Press "Enter" to skip to content

“ඇයි මට මෙහෙම කරන්නේ” ජගත් පාර්ලිමේන්තුවේ හඬා වැටෙයි.!

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ මහතා (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ එකලස් කළ වාහනයක් ලඟ තබාගැනීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා තමාගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි.

මේ සම්බන්ධයෙන් නිකමට හෝ තමාට දුරකථන ඇමතුමක් ලබාදුන්නේනම් තමා වාහනය ගෙනවිත් භාරදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමා විසින් හිටපු ප්‍රභල ඇමතිවරයෙකු සහ වත්මන් මන්ත්‍රීවරයෙකුගේ දියණියගෙන් මෙම වාහනය මිලදී ගත් බවත් එය නීතිවිරෝධී ලෙස එකලස් කළ වාහනයක් බව තමා නොදන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එහිදී සංවේදී වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසූවේ තමාගේ පුත්‍රයාට කුඩා දරුවන් දෙදෙනෙකු සිටිනා බවත් එම දරුවන් තමාගෙන් පියා පිළිබඳ විමසන විට එය දරාගත නොහැකි බවත් ය.

කෙසේවෙතත් මෙහි මුල් හිමිකරු ඉදිරිපත් වනතෙක් තමාගේ පුතාට ඇප ලබා නොදෙන බවත් ඒ පිළිබඳ තමා එහි පෙර හිමිකාරියගේ පියා වන රෝහිත අබේගුණවර්ධන මහතාට දුරකථනයෙන් දැනුම්දුන් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *