Press "Enter" to skip to content

ආසන පටි අනිවාර්යයි.. නැත්නම් ලයිසන් කැන්සල්.!

ඉදිරියේදී ආසන පටි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එම නීතිය අනුගමනය නොකරන්නේ නම් බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.

අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කළේ,

“2025 සහ 2026 අවුරුද්දට ප්‍රවාහන අමාත්‍යංශයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා රෝඩ් සේෆ්ට් ප්ලෑන් එකක්. ඒ යටතේ, සීට් බෙල්ට් ප්ලෑන් එකක් impose කරන්න. කොහොමත් අපි ගැසට් එක ගහනවා.

දැනුත් impose කරලා තියෙන්නේ 2011 අවුරුද්දෙ ඉඳන්. කවුරුත් ගණන් ගන්නෙ නෑ. හයිවේ යනවා සීට් බෙල්ට් දාන්නෙ නැතුව. ඒ නිසා අපි 2,300ක් මැරෙන එක 2,000කට අඩු කරන්න පුළුවන්. අපි සැප්තැම්බර් (30) දාලා තියෙනවා සියලුම අධිවේගී මාර්ග වලට.

මට මතක විදියට අපි කියනවා සීට් බෙල්ට් දාන එක මගීන්ට. මොකද ගොඩක් බස්වල අනිවාර්යෙන්ම සීට් බෙල්ට් තියනවා. ඒ නිසා අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරලා එක්කො තහනම් කරනවා බස්. නැත්නම් ලයිසන් කැන්සල් කරනවා.”

ගාල්ල දිස්ත්‍රික් ප්‍රවාහන කමිටුවට සහභාගී වෙමින් අමාත්‍ය බිමල් රත්නායක මේ බව සඳහන් කරයි.

 

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »
More from ප්‍රධාන පුවත්More posts in ප්‍රධාන පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *