Press "Enter" to skip to content

පෙන්ෂන් එක වෙනුවෙන් මරාගෙන මැරෙන මන්ත්‍රීවරුන්ට රජයෙන් අස්වැසුම.!

ජනාධිපතිවරු විශ්‍රාම යෑමෙන් පසු තවදුරටත් නඩත්තු කිරීමේ සංස්කෘතියක් ලොව වෙනත් කිසිදු රටක නොමැති බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

ජනතාවගේ කර මත පටවා ඇති හිටපු දේශපාලකයින්ගේ බර අසාධාරණ බවත් කඩිනමින් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද අහෝසි කරනා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

බලය ලබා ගැනීමට පෙර තම පක්ෂය සිටි ස්ථාවරයේ කිසිදු වෙනසක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ විශ්‍රාම වැටුප අහෝසි කිරීම හේතුවෙන් කිසිදු මන්ත්‍රීවරයෙකු මරාගෙන මැරීමට අවශ්‍ය නොවන බවත් ජීවත් වීමට නොහැකිනම් අස්වැසුම ලබාදීමට රජය කටයුතු කරනා බවත් ය.

More from දේශීය පුවත්More posts in දේශීය පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *