Press "Enter" to skip to content

මත් ජාවාරමුන්ට දේශ­පා­ලන රැක­ව­ර­ණය කිසිසේත්ම හිමි වන්නේ නැහැ

එදා මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන්ට දේශ­පා­ලන රැක­ව­ර­ණය හිමි­වු­වත් වර්ත­මා­නයේ දේශ­පා­ලන රැක­ව­ර­ණය හිමි­වන්නේ විෂ මත්ද්‍රව්‍ය සමා­ජ­ගත වීම වැළැ­ක්වී­මට කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන්ට යැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුර­ක්ෂි­තතා සහ සමු­ප­කාර සංව­ර්ධන ඇමැති වසන්ත සම­ර­සිංහ මහතා පැව­සීය.

ඇමැ­ති­ව­රයා මෙසේ පැව­සුවේ අනු­රා­ධ­පුර පළාත් සභාවේ පැවති විෂ මත්ද්‍රව්‍ය නිවා­ර­ණය සඳහා ඒකා­බද්ධ සැලැස්ම සැක­සී­මට අදාළ රැස්වී­ම­කට පසු­ගි­යදා (29) එක්වෙ­මිනි.

අදාළ පාර්ශ්ව දැනු­ම්වත් කිරී­මට මේ වැඩ­ස­ට­හන සංවි­ධා­නය කර තිබිණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ ඇමැ­ති­ව­රයා මෙසේ ද කීවේය.

“මත්ද්‍රව්‍ය උව­දු­රට එරෙහි විදු­හ­ල්ප­ති­ව­රුන්, පාසල් ගුරු­ව­රුන් ඇතුළු ගමේ සමිති සමා­ගම් එක­මුතු කර ගනි­මින් මේ වැඩ­ස­ට­හන යටතේ සමා­ජ­යීය අව­බෝ­ධය වැඩි කරන ක්‍රියා­කා­ර­ක­ම්ව­ලට මුල්තැන දිය යුතුව තිබෙ­නවා. විස මත්ද්‍රව්‍ය බෙදා­හැ­රීමේ යෙදුණු පිරි­ස්ව­ලට මෙතෙක් දේශ­පා­ල­න­ඥ­යන්ගේ සහාය සහ රැක­ව­ර­ණය හිමි වුවත් වත්මන් ජාතික ජන බල­වේ­ගය ආණ්ඩු­වෙන් එවැනි සහා­යක් කිසි­සේත් හිමි වන්නේ නෑ. වත්මන් රජයේ දේශ­පා­ලන රැක­ව­ර­ණය හිමි­වන්නේ සමාජ විරෝධී ක්‍රියා­ව­ලට එරෙ­හිව කට­යුතු කරන රාජ්‍ය නිල­ධා­රීන්ට පම­ණයි. පැන්සල්, මකන, පෑන් ආදි­යෙත් විස මත්ද්‍රව්‍ය තිබෙ­නවා. මේවා ගෙදර ගෙනි­හින් පොත් මේසේ උඩ තියලා තිබු­ණත් මවු­පි­යන් අඳු­රන්නේ නැතැයි පොලිස් නිල­ධා­රීන් සඳ­හන් කර­නවා. රටේ උන්න­ති­යට විෂ මත්ද්‍රව්‍ය මුළු රටෙන්ම ඉවත් කිරීමේ අර­මු­ණින් කට­යුතු කිරීම සියලු පුර­වැ­සි­යන්ගේ යුතු­ක­මක් සහ වග­කී­මක් වෙනවා.”

මේ අව­ස්ථා­වට පාර්ලි­මේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නව­රත්න, උතු­රු­මැද පළාත් ආණ්ඩු­කාර වසන්ත ජින­දාස, ආණ්ඩු­කාර සම්බ­න්ධී­ක­රණ ලේකම්, මාර්ගස්ථ ප්‍රවා­හන සේවා අධි­කා­රියේ සභා­පති, උතු­රු­මැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති, පළාත් ප්‍රධාන ලේකම්, අති­රේක දිස්ත්‍රික් ලේකම්, අන්ත­රා­ය­කර ඖෂධ පාලක ජාතික මණ්ඩ­ලයේ නිල­ධා­රීන්, පළාත් අධ්‍යා­පන දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් සහ පාසල් විදු­හ­ල්ප­ති­ව­රුන් ඇතුළු ප්‍රදේ­ශයේ ස්වේච්ඡා සංවි­ධාන නියෝ­ජ­නය කර­මින් පිරි­සක් සහ­භාගි වූහ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *