භාෂාව, ඉතිහාසය සහ ගණිතය යන විෂයන් මෙරට සියලු පාසල්වල මවු භාෂාවෙන් ඉගැන්විය යුතු බවට වන ප්‍රති යෝජනාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුළත් කළ යුතු බව සමාජ ක්‍රියාකාරී චේනක අබේසිංහ මහතා පැවසීය.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් චේනක අබේසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.
එය සිංහල දරුවන්ට සිංහල භාෂාවෙන් මෙන්ම දමිළ දරුවන්ට දමිළ භාෂාවෙන් ඉගැන්විය යුතු බවත් ජාත්‍යන්තර පාසල්වලද එම විෂයන් මවු භාෂාවෙන් ඉගැන්විය යුතු බවත් හෙතෙම කීවේය.
චේනක අබේසිංහ මහතා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
Òමේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ ආණ්ඩුවේ හෝ පක්ෂයේ ප්‍රතිසංස්කරණ නෙවෙයි. මේ ආණ්ඩුව පත් වෙලා මාස හයක වගේ කෙටි කාලයක් ඇතුළත තමයි මෙය එන්නේ. මෙවැනි කෙටි කාලයක් තුළ මෙවැනි දැවැන්ත සංශෝධනයක් මහ පොළොවට ගෙන එන්න බැහැ. අඩුම ගාණේ වසර දෙක තුනක්වත් යනවා එහෙම ගෙන එන්න. මේ සංශෝධන ඇවිත් තිබෙන්නේ පෙර කවුරුන් කරපු, නැත්නම් කාගේ හෝ අවශ්‍යතා මතයි. ඒ වගේම ඉතිහාසය දරුවන්ගේ ඔළුවලට දාන්න පුළුවන් වෙන්නේ කුඩා කාලයේ සිට. එම නිසා එය ඉගැන්විය යුත්තේ කුඩා කාලයේ සිට කියන යෝජනාව අපි මේ ප්‍රතිසංස්කරණවලට ඇතුළත් කරන්න කියලා ඉල්ලනවා. ගණිතය කියන විෂයත් අනිවාර්යයෙන්ම මවු භාෂාවෙන් ඉගැන්විය යුතුයි. අපි කවදාවත් හීන ඉංග්‍රීසියෙන් දකින්නේ නැහැනේ. අපි දකින්නේ සිංහලෙන්, දමිළ දරුවා හීන දකින්නේ දමිළ භාෂාවෙන්. එම නිසා මෙය එක පෑන් පාරෙන් කරන්න පුළුවන්. විෂයන් අඩු කරනවා කිවුවට එය විෂයන් 14ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. එහෙම වුණාම ටියුෂන් මාෆියාවට මුහුණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය එනවා.
නුවන් කොඩිකාර
Be First to Comment