Press "Enter" to skip to content

කාන්තාවකගේ හෝටලයේ ජනපති නැවතුනේ අනුරාධපුරේ ජනාධිපති මන්දිරේට යන්නැති නිසා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අනුරාධපුර සංචාරය අතරතුරදී ව්‍යාපාරික කාන්තාවකට අයත් පුද්ගලික හෝටලයක නැවතීම සම්බන්ධයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාධ්‍යවේදීන් විසින් කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසා සිටින ලදී.

මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, වර්තමානයේ ජනාධිපතිවරයා භාවිත කරනු ලබන්නේ කොළඹ සහ මහනුවර පිහිටි නිල ජනාධිපති මන්දිර දෙක පමණක් බවයි.

එම හේතුවෙන්, දුර බැහැර පළාත්වල සංචාරය කරන අවස්ථාවන්හිදී හෝටල්වල නවාතැන් ගැනීමට සිදුවන බව ඒ මහතා පැහැදිලි කළේය.

මෙම ක්‍රියාමාර්ගය ගනු ලබන්නේ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ අනුමැතිය සහ අධීක්ෂණය යටතේ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

තවද, නවාතැන් ගනු ලබන හෝටලයක හිමිකරු කාන්තාවක්ද, පිරිමියෙක්ද යන්න එතරම් අදාළ නොවන බවද ඔහු අවධාරණය කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *