Press "Enter" to skip to content

අවුරුදු පහෙන් කරන්න බෑ… අවුරුදු 20ක්වත් බලයේ ඉන්න ඕන.. චීනේ කීවේ එහෙමයි

ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන වෙනස්කම් සිදු කිරීමට අවුරුදු 15-20ක් බලයේ සිටිය යුතු බව චීන කොමියුන්ට් පක්ෂය තමන්ට පැවසූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

අවුරුදු පහකින් වෙනස්කම් කළ නොහැකි බවත් ඡන්ද හතරක් පහක්වත් ජයගත යුතුව ඇති බවත් ඔවුන් පැවසුවේ යැයිද හෙතෙම සඳහන් කරයි.

පසුගියදා චීනයේ සිදුකළ සංචාරය අතරතුර චීන කොමියුනිස්ට් පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවලදී මෙම අදහස් හුවමාරු කර ගත් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

අන්තර්ජාල නාලිකාවක් සාකච්ඡාවකට එක් වෙමින් ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *