Press "Enter" to skip to content

රට පුරා අපරාධ රැල්ල මර්ධනයට ‌හෙළිකළ නොහැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි

රට පුරා සිදුවන අපරාධ සහ ඝාතන රැල්ල පාලනයට විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවැසීය.

වයඹ පළාත් අපරාධ කොට්ඨාසය කුරුණෑගල, වැහැර පොලිස් සංකීර්ණයේ ආරම්භ කිරීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඒ් මහතා ඒසේ කීවේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවැසීය.

“රට පුරා සිදුවන අපරාධ සහ ඝාතන රැල්ලක් මේ වන විට නිර්මාණය වී තිබෙනවා. එය සමථයකට පත්කිරීමට ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තියෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍යයට හෙළි කිරීමට හැකියාවක් නෑ.

මේ වන විට රට පුරාම කණ්ඩායම් පහළොවක් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකම කණ්ඩායමක් මේ කටයුතු කරනවා. යම් යම් පාතාල නායකයන් අතර ඝාතන සිදුවෙනවා. මේ මිනිස් ඝාතන සම්බන්ධයෙන් රජයක් වශයෙන් නොසලකා හැරීමක් සිදුවන්නේ නෑ”

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *